06/07/2026
ලංකාවේ ලොරියක් එලවපු මහා බ්රහ්මයා සහ දෙවිවරු ( සත්ය කතාවක් )....
රෝද තුනක් උඩ අවසන් යන ගමන යන ගමන් ලියන්න හිතුනා. හදිසියේ කිරුළපනට යන්න කියලා ත්රී විල් එකක් බුක් කරා. හරි සර් ක්ෂණික එන්නම් කියලා කෝල් කරලම ඩයල් එක මට කිව්වා. ආවට වඩා හොඳයි එන්නැතුව හිටියනම් කියලා හිතුනේ ගමන පටන්ගෙන චුට්ටක් දුර යනකොට. හරක් පාරෙ යනවා දැක්කේ එදා තමයි මම හරියටම. මාව ගේ ළඟන් ගත්ත ට්රිවිල් එක ප්රධාන පාරට දැම්මේ අපි පොඩි කාලෙ අපේ අම්මා කෝටුවක් අරන් පන්නනකොට මම දිව්ව විදිහ මටම මතක් කරමින්. වටපිටාවේ වෙන කිසිම දෙයක් දැක්කේ නැති විදිහට. පාර අයිනට වෙලා සැපේ අව්ව පාරක් විඳගෙන හිටපු තලගොයාව නූලෙන් බේරුනා. එතනින් එහෙම ගියා කියහන්කෝ.තව කිලෝමීටර් දෙකක් යන්න උනේ නෑ දකුණු පැත්තෙන් ලොරියක් එනවා පෙනි පෙනීත් මේ යකා කොට්ටාව හන්දිය මැදම වැඩ පාරක් දාන්න ගියානේ. හොඳ වෙලාවට ලොරිය පැදගෙන ආවේ මං හිතන විදිහට නම් මහා බ්රහ්මයා. බ්රහ්ම මූර්තිය පැත්තකින් තියල ඒ දෙවියා බ්රේක් එක උඩ හිටගත්තේ අල්ලපු ශීට් එකේ හිටපු බ්රහ්මයාගේ ගෝලයාව ඉඳගෙන හිටපු ශීට් එක උඩ හිටගස්සන ගමන්. ඒකත් කමක් නෑ කියමුකෝ, ඊට පස්සේ මේකා බැහැලා ගිහිල්ලා වාහනේ දිහා බලලා අවුලක් නෑ කියලා මෙන්න මේ ගෝතයා ගිහිල්ලා අර ලොරියෙන් ගේම ඉල්ලන්න හදනවා. බ්රහ්මයාණන් ටිකක් වයසක ඩයල් එකක්. හැබැයි ගෝල දෙවියෝ නම් තරුණ ඩයල් එකක් . මට ෂුවර් මේක මොනවා හරි කිව්වනම් ගෝල දෙවියෝ තමයි මේකට නෙලන්නේ කියලා. මම සිද්ධිය බලාගෙන හිටියා. අවුලක් නෑ. ඒකත් ශේප් වෙලා ආවා. දැන් ආයෙමත් ගමන යනවා. මූ දැන් මේ ත්රී විල් එක එලවගෙන යන්නේ bulletproof සයිබර් ට්රක් එකක් අරගෙන යනවා වගේ. මැරෙන්න ගියත් මේ වෙන සිද්දි ටික පට්ට ආතල් නිසා මම තවත් කට පියාගෙන යන්න තීරණය කරා. පන්නිපිටියට ආවා. කලර් ලයිට් එක කොළපාටින් කහ පාටට හැරිලා රතුපාටත් උනා. මේකා ඩුබායි මෙට්රෝ එක වගේ ගානක්වත් නැතුව හේ ගියා. දැන් දැන් මටත් පොඩි අවුලක් දැනෙන්න ගත්තා. මට හිතෙනවා මම මැරිලා ඉන්නේ, මේ මට මරණයෙන් පේන දේවල් කියලා. එතකොටම ට්රැෆික් එකෙන් පාරට පැනලා බුවාව නැවැත්තුවා. ත්රීවිල් එකෙන් බැහැලා ගියපු මේ යකා කහ පාට කොළයක් වම් අතෙනුත් සුදු පාට කොලයක් දකුණු හතෙනුත් අරගෙන ෂේප් එකේ ඇවිත් ත්රීවිල් එකට නැගලා ආයෙත් යන්න පටන් ගත්තා. දැන් නං ඉවසුව ඇති කියන තැනට මමත් ආවා. ඒත් ත්රීවිල් එක නවත්තලා මේකගේ මූණට දෙකක් ඇනලා වෙන ත්රීවිල් එක්ක යන්න විදිහක් නෑ. මට හොඳටම වෙලා ගිහිල්ලා.දැන් තමයි හොඳම සීන් එක. බුවා වැඩේ වරද්ද ගත්තා. 138 හෝමාගම පිටුව බස් එකකට මිනිහා ගේම ඉල්ලන්න පටන් ගත්තා. දැන් නම් මට ෂුවර් මේකව නවත්තලා මේකගේ මූණට දෙකක් ඇන්නේ නැත්තං මට රෝද තුනක් උඩ අවසන් ගමන් යන්න වෙනවා කියලා. ෆෝන් එකක් සාක්කුවේ දාගෙන මේකගේ කන අතගාන මොහොත ගැන හිතන්න කලින් බස් එක ඉස්සර කරා කනේ වැලි ගෑවිලා යන විදිහට. ත්රීවිල් එකේ බුවා ලොකු සීන් දැම්මට පොර බය වුණ පාර විදුලි වේගයෙන් වමට කැපුවා ටීවිල් එක පාර පුරා අනිත් පැත්ත ගැහුවා. ඒ ක්ෂණිකම මිනිස්සු ඇවිත් ත්රිවිල් එක හරි පැත්තට හැරෙව්වා. මම කලින් ඉඳගෙන හිටියේ ත්රීවිල් එකේ ශීට් එක උඩ වුණාට දැන් මම ඉඳගෙන ඉන්නේ 138 පාරේ කියලා තේරුනා. එතකොටම දෙවියෙක් වගේ මනුස්සයෙක් ඇවිල්ල "මල්ලි ඔයාට මොකද" කියලයි ඇහුවා . "මට අවුලක් නෑ අයියේ" කියලා මම අර ගෝතයාව හෙව්වේ. ඌටත් තුවාලයක්වත් නැහැ. ඒත් මේකාගේ කට අඩු වෙලා නෑ. එතනින් එහාට මට හිතන්න දෙයක් නැති වුණා. මේකව ඇදලා අරගෙන එතන තිබ්බේ ටෙලිපොන් කනුවට හේත්තු කරලා මූන අතගාන්න යනකොටම කලින් "මල්ලි ඔයාට මොකද" කියලා අහපු මනුස්සයාම ඇවිත් මාව අල්ල ගත්තා. මම සිද්ධිය ඒ මනුස්සයාට කිව්වා. මේකා මේ විදිහටයි ආවෙ කියලා. ඒ මදිවට මට තවත් වෙලා යනවා. "හරි මල්ලි ඔයාට කිරුළපනේටනේ යන්න ඕන, යම් මගෙත් එක්ක" කියලා ඒ මනුස්සයා. "මගේ වාහනේ සර්විස් එකට දාලා තියෙන්නේ අයියේ, සර්විස් එක පහට වහනවා කිව්වා" කියලා මම ඒ මනුස්සයාට කිව්වා. එය මනුස්සයා මාව එක්කන් ගිහින් තව රතුපාට ත්රීවිල් එකකට නැංගා. ආයෙත් බැහැල ආපු මම අරූගේ හයර් එකේ ගාන දෙන්න අමතක කරේ නෑ. වචනයක් කතා නොකර සල්ලි දුන්නා. ඉතින් එතනින් එහෙම බේරිලා අර මනුස්සයත් එක්ක මම කිරුලපනට ආවා. මම මේ ත්රීවිල් එකේ මාව එක්කන් ආපු පුද්ගලයාට මගේ ගාන කීයද කියලා ඇහුවා. ඇත්තටම එයත් මීටර් ටැක්සිදුවන කෙනෙක්. ඒ මනුස්සයා මට හිතාගන්නවත් බැරි උත්තරයක් දුන්නා. "මට සල්ලි එපා මල්ලි, මල්ලිට කරදරයක් වෙලානේ ඉන්නේ. ඔයා පරිස්සමට වැඩ ටික කරගෙන යන්න"
ඒ වචන ටික මට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ. ඒ වෙලාවේ ඒ මනුස්සයාගේ මනුස්සකම මට මුදල් වලට මනින්න බෑ. අපිට තව විනාඩි පහක් ඉතුරුයි. "අයියේ අපි තේ එකක් බොමුද මට හරි තිබහයි " කියලා කියපු මම ඒ මනුස්සයත් එක්ක මම බහින තැනම තිබුන කඩෙන් තේ එකක් බිව්වා. ඒ මනුස්සයත් එක්ක ඒ ගෙවුණ විනාඩි පහේ මට ඒ මනුස්සයා ගැන විස්තර කිව්වා. එයාගේ
ගම =වනාතමුල්ල,
නම =අයියා ( අපි දෙන්න කතා කරේ අයියා, මල්ලි කියලා ),
එයා = උපාධිධාරියෙක්,
සුවිශේෂතාවය = මනුස්සකම.
මේ... ගමෙන්, වාහනෙන්, පෙනුමෙන්, කතාවෙන් මිනිස්සු මනින්න බෑ කියන එකට හොඳම උදාහරණ.
ජය වේවා.
අපි ආයේ හමුවෙමු.