19/10/2026
අම්මා කෙනෙකුගේ හිනාව පිටුපස සැඟවුණු කඳුළ
පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් යනු කුමක්ද?
අලුත උපන් බිළිඳෙකුගේ සිනහව, පුංචි අඩිපාරවල්, කිරි සුවඳ පිරුණු කාමරය... මේක තමයි බොහෝ දෙනෙක් හිතන විදිහට ලෝකයේ සුන්දරම හැඟීම 🧚
දරුවෙක් ලැබුණාම හැම අම්මෙක්ම ඉන්නේ මහත් සතුටින් සහ උද්දාමයෙන් කියලයි සමාජය විශ්වාස කරන්නේ.
නමුත්, ඒ සිනහව පිටුපස, රෑ එළිවනතුරු නිදි නැතිව හුදකලාව අඬන, කිසිම හේතුවක් නැතුව බරපතළ කනස්සල්ලකින් පෙළෙන අම්මවරුන් ගැන ඔබ කවදා හෝ සිතුවාද?
සමාජයේ නිතර කතා නොකරන , නමුත් බොහෝ මව්වරුන් නිහඬව තනිවම සටන් කරන පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් (Postpartum Depression) හෙවත් ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනය ගැඹුරින් තේරුම් ගැනීමයි.
"Baby Blues" සහ "Postpartum Depression" යනු එකම දෙයක්ද?👇👇
දරුවෙකු බිහි කළ පසු හෝමෝනවල සිදුවන දැවැන්ත වෙනස්කම් නිසා අම්මලාට විඩාව, කේන්තිය සහ හඬා වැටීමට සිතීම වැනි ලක්ෂණ දින කිහිපයකට හෝ සති කිහිපයකට ඇතිවීම සාමාන්‍යයි. මේකට කියන්නේ Baby Blues කියලා. බොහෝ විට එය ඉබේම මගහැරී යනවා.
නමුත් Postpartum Depression (PPD)😱
කියන්නේ මීට වඩා ගොඩක් බරපතළ සහ කල් පවතින තත්වයක්. එය සති කිහිපයකින් පහව යන්නේ නැහැ ඒ වෙනුවට දරුවා බලාගැනීමට ඇති අපහසතා, දුක් මුසු හැඟීම, දරුවා ගැන ප්‍රමාණවත් ආදරයක් දැනෙන්නේ නැද්ද යන අනියම් බිය සහ දැඩි මානසික පීඩනයක් අම්මාව වටා කොටු කරගන්නවා.
පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් වල ප්‍රධාන ලක්ෂණ
සෑම අම්මෙකුටම මේ ලක්ෂණ එකම ආකාරයට පෙනෙන්නේ නැහැ. නමුත් බහුලව දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් මෙන්න
🎈නිතිපතා දුක සහ හිස්කම දැනීම
🎈කිසිම හේතුවක් නැතුව නිතර අඬන්න සිතීම.
🎈දරු පැටියාගෙන් ඈත් වීම: දරුවා ගැන උනන්දුවක් නොදැක්වීම හෝ දරුවා ස්පර්ශ කිරීමට, වඩා ගැනීමට බියක් හෝ අකමැත්තක් දැනීම.
🎈අධික කෝපය සහ කලබලකාරී බව: සුළු දෙයටත් කේන්තිය යාම සහ පාලනය කරගත නොහැකි වීම.
🎈අධික වරදකාරී හැඟීම,මම නරක අම්මා කෙනෙක්," "මට මේ දරුවාව හරියට බලාගන්න බැහැ" වැනි සිතුවිලි නිතර සිතට ඒම.
🎈නින්ද නොයාම හෝ අධික ලෙස නින්ද යාම 🎈දරුවා නිදාගත් විටත් මනස සන්සුන් කරගන්නට නොහැකිව ලතවීම.
🎈ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රහිත බව 🎈ඇතැම් විට තමාට හෝ දරුවාට හානියක් කර ගැනීමට සිතෙන තරමට මනස අවපීඩනය වීම.
අම්මලා මේක තනියම දරාගන්නේ ඇයි?
අපේ සමාජයේ ගැහැනියකට "අම්මා" කියන භූමිකාව ආරූඪ කළ දා පටන් ඇයව බලෙන් පුජනීයත්වයට පත් කරනවා. "අම්මෙක් වුණාම ඔය මහන්සි පුදුමයක් නෙවෙයි," "
ඔය වගේ දේවල් මමත් ඉවසගත්තා" වැනි සමාජයේ කතා නිසා බොහෝ අම්මලා තම මානසික වේදනාවන් පිටතට කීමට බයයි.
ඇය බිය වන්නේ තමා "නරක අම්මා" කෙනෙකු ලෙස සමාජය විනිශ්චය කරයි කියායි. ප්‍රතිඵලය වන්නේ ඇය මේ සටන තනියම, නිහඬව දරාගනිමින් ක්‍රමයෙන් මානසිකව බිඳ වැටීමයි.
අපිට කරන්න පුළුවන් කුමක්ද?📍
පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් කියන්නේ මානසික දුර්වලතාවක් නෙවෙයි. එය හෝමෝන අසමතුලිතතාවක් සහ දැඩි ජීවන පෙරළියක් නිසා ඇතිවන, වෛද්‍යමය ප්‍රතිකාර ලබාදිය යුතු රෝගී තත්වයක්.
අම්මාව විනිශ්චය නොකර අසන්න ඇයට අවශ්‍ය විවේචන නොව, "මම ඔයාගේ පැත්තෙන් ඉන්නවා, ඔයාට කොහොමද දැනෙන්නේ?" කියන ආදරණීය වචනයි.
උදව් කරන්න 🤱 දරුවා බලාගැනීමටගෙදර දොරේ වැඩවලට සහයෝගය දෙන්න. අම්මාට ටිකක් නිදාගන්නට, විවේක ගන්නට ඉඩ සලසා දෙන්න. ❤️
වෘත්තීය උපදෙස් ලබාගන්න 🧑⚕️ මනෝවිද්‍යාඥයෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීමට බිය වන්න එපා.
නිසි ප්‍රතිකාර සහ ආදරණීයයන්ගේ රැකවරණය හරහා මේ තත්වයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබිය හැකියි.
ආදරණීය අම්මේ,🥰🥰
ඔබ පරිපූර්ණ විය යුතු නැහැ. සමහර දවස්වල ඔබට මහන්සි දැනීම, අඬන්න සිතීම සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. ඔබ මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඔබේ පුංචි පැටියාට අවශ්‍ය නිසා, ඔබේ සතුට සහ මානසික සුවයත් ඒ තරමටම වැදගත්! ඔබ මේ සටනේදී තනි වී නැත.
ඒ වගේ අත් දැකීම් ඇති ,මේ වගේ තත්වයෙන් ට මූන දුන්නු අම්මලා අපි අත්දැකීම් බෙදාගමු
තව අම්මා කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි
බබා පොඩි කාලේ stress නොවී බබාලා බලා ගත්ත විදිය comment එකක් විදියට එකතු කරන්න
සැකසුම ✍️ Isuri Abeysekara by Janu & Mommy's Moments ❤️