Simple Life

Directions

Simple Life Simple Life By DHANA ❤️

26/10/2026

මේ විදියට හදලා තියා ගත්තොත් ඕන වෙලාවක බොන්න පුලුවන් 😋

🌶️❤️ කඩාගත් කොච්චි ටික අපතේ යැව්වේ නෑ… රසවත් කොච්චි පවුඩර් හැදුවා! 😍Air Fryer එකේ වියළාගෙන හදාගත් මේ කොච්චි පවුඩර් එකෙන්...
15/10/2026

🌶️❤️ කඩාගත් කොච්චි ටික අපතේ යැව්වේ නෑ… රසවත් කොච්චි පවුඩර් හැදුවා! 😍
Air Fryer එකේ වියළාගෙන හදාගත් මේ කොච්චි පවුඩර් එකෙන්,

💚 කෑමවලට සැර රසයක් එකතු කරන්නත්, ව්‍යංජන, සුප් සහ සෝස් වර්ග රසවත් කරගන්නත් මේක හරිම ප්‍රයෝජනවත්.

❤️ අපේ වත්තේ අස්වැන්න අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න ලැබීමත් ලොකු සතුටක්!
පුංචි දෙයකින් ලොකු ප්‍රයෝජනයක්! ❤️ අපේ ගෙදරම හදාගන්න දේවල්වල වටිනාකමත් ඒකයි.

ඔයාලත් හදල බලන්න .....

11/10/2026

වත්තේ කොච්චි ගොඩයි…

පහුගිය දවසක වත්ත පැත්තට ගියාම දැක්ක දෙයින් හිතට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.
වැඩි මහන්සියක් නැතුව අපේම වත්තේ කොච්චි පාත්තිය හරිම සරුවට හැදිලා… කරල්වලින් පිරිලා! ඒත් ගොඩක් ඉදිලා ගිහින් 🌶️🌿
මේවා ඔක්කොම පාවිච්චි කරගන්න බැරි වුණොත් නාස්ති වෙයි නේද කියලත් හිතුණා.

අපේම බිමේ, වසවිස නොයොදා හදාගත්ත අස්වැන්නක් නිකරුණේ නාස්ති වෙනවා දකින්න කවුද කැමති නේද?

මේ අතරේ අපි අස්වැන්න නෙළන හැටි බලාගෙන වටේ කැරකෙන පුංචි පූස් පැටියත් මේ සුන්දර මොහොත තවත් ලස්සන කළා.
❤️

🌶️ ඉතින් මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ!
මේ වගේ කොච්චි ගොඩක් නිතරම හැදුණම, කල් තියාගන්න ඔයාලා මොනවද කරන්නේ?

ඔයාලා දන්න හොඳ ක්‍රමයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් කියලා යන්නකෝ. මට විතරක් නෙවෙයි, වත්තේ අස්වැන්න නාස්ති නොකරගන්න කැමති තවත් කෙනෙකුටත් ඒක වටීවි! 🥰👇

07/10/2026

වැඩි වියදමක් නැතුව ගෙදරදීම හදා ගන්න පුලුවන් hair oil එක..😍

03/10/2026

හදිස්සියට උයන කෑම වලට මේක මරු 😍😋

❤️ ගෙදරම දෙයක් හදාගෙන, ඒකේ රස බලන සතුට හරිම වෙනස් නේද?මේ පාරත් අපි Dehydrator එකෙන් ගෙදරම කරවල හදාගත්තා. 😋හරිම රසයි වගේම...
29/09/2026

❤️ ගෙදරම දෙයක් හදාගෙන, ඒකේ රස බලන සතුට හරිම වෙනස් නේද?

මේ පාරත් අපි Dehydrator එකෙන් ගෙදරම කරවල හදාගත්තා. 😋

හරිම රසයි වගේම, ආයෙත් හෝදන්නවත් සුද්ද කරන්නවත් ඕන නෑ. අවශ්‍ය වෙලාවට අරගෙන ලේසියෙන් උයන්න පුළුවන්. 🌿

අපේම මහන්සියෙන් හදාගත්ත නිසාදෝ, මේ කරවලවල රසයත් එක්ක පුංචි සතුටක් වැඩිපුර දැනෙනවා. ❤️

🐟 Dehydrator එකෙන් කරවල හදන හැටි අපි කලින් වීඩියෝ එකකින් දාලා තියෙනවා. තවම බලලා නැත්නම් ඒකත් බලන්න. 🥰

27/09/2026

දෙගුණයක් වේගෙන් කොන්ඩේ වැවෙන මැජික් ඔයිල් එක.. වියදමක් නැතුව ගෙදරදීම හදාගන්න🤩

23/09/2026

වියදමක් නැතුව ඉතුරු බත් වලින් තේ බොන වෙලාවට ගෙදර හැමෝටම කන්න රසම රස කෑමක් 😋

ඉතිරි බත් විසි කරන්න එපා… මේක බලන්න! ඊයේ ඉතිරි වුණු බත් ටිකටඅද පොඩි වෙනසක් කරන්නයි යන්නේ… 😍කෑම අපතේ යවන්නේ නැතුව,තියෙන ද...
22/09/2026

ඉතිරි බත් විසි කරන්න එපා… මේක බලන්න!

ඊයේ ඉතිරි වුණු බත් ටිකට
අද පොඩි වෙනසක් කරන්නයි යන්නේ… 😍
කෑම අපතේ යවන්නේ නැතුව,
තියෙන දෙයකින්ම රසවත් දෙයක් හදාගන්න පුළුවන් නම්…
ඒක කොච්චර වටිනවද? ❤️

ඊළඟ video එක බලන්න…
ඉතුරු බත් ටිකෙන් මොනවා කරයිද කියලා බලමු!

බත් ඇටයක් පිටුපස තියෙන
ගොවියාගේ මහන්සියත්, ජලයත්, යන සම්පත් මතක් කරගෙන…
🌱 කෑම විසි කරන්න කලින්,
තවත් රසයක් දෙන්න පුළුවන්ද කියලා බලමු.

♻️ ආහාරයට ගරු කරමු.
අපතේ යාම අඩු කරමු. ❤️

20/09/2026

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Simple Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed interior service?

Share